TeachMe English යනු Spoken English, Grammar සහ Vocabulary සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට සහ චැට්-බොට්ස් සමග කතා කර පුහුණුවීමට නිපදවූ ඇප් එකකි.
කථන ඉංග්‍රීසි පිළිබද මූලික දැනුමක් නොමැති පුද්ගලයෙකුට වුවත් ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි පරිදි ඉංග්‍රීසි සංවාද, ව්‍යාකරණ සහ වචන මාලා යන සියල්ල ආවරණය කරමින් මූලික පාඩම් මාලා 100ට අධික ප්‍රමාණයක් මෙම ඇප් එකෙහි අඩංගු කර ඇති අතර සෑම මසකම අමතර පාඩම් කිහිපයක් ද ඇප් එකට ඇතුලත් කෙරේ, එමගින් ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයින්ට ඇප් එකෙහි ඇති පාඩම් අධ්‍යනය කොට, එහි ඇති චැට්-බොට්ස් සමග සංවාද වල යෙදී පුහුණු වීමෙන්, මාස කිහිපයකින් චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබාගත හැක.
එමෙන්ම පරිශීලකයින්ගේ පහසුව සදහා මෙහි ඇතුළත් සියලුම පාඩම් මාලා Level-I , Level-II, Level-III ලෙස කොටස් තුනකට බෙදා වෙන් කර ඇති අතර, ලෙවල් එකින් එක අධ්‍යනය කිරීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඔබගේ ඉංග්‍රීසි භාෂා දැනුම පහසුවෙන් වර්ධනය කරගත හැකි වේ.
ඇප් එකෙහි අන්තර්ගතය මෙසේය,
✔️ Spoken English
පුද්ගයින් සමග එදිනෙදා සංවාද සදහා අවශ්‍ය වන විමසීම් සහ ඊට ලබාදිය හැකි ප්‍රතිචාර, සංවාද සදහා අවශ්‍යය වන වාක්‍ය කණ්ඩ, පුද්ගලයින් අතර ඇතිවන විවිධ සංවාද සදහා උදාහරණ ආදිය ඇතුළත් කරන ලද පාඩම් මාලා 30ක් මෙම කොටසෙහි අන්තර්ගත වේ. එම සෑම පාඩමක්ම Study - Listen - Practice ලෙස කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.
⭐ Study :- මෙම කොටසින් කථන ඉංග්‍රීසි පාඩම් කියවා අධ්‍යනය කිරීමට ඔබට හැකි වේ.
⭐ Listen :- මෙම කොටසෙහි ඇති ශ්‍රවන පාඩම් වලට සවන් දීමෙන් වාක්‍ය කණ්ඩ සහ සංවාද නිවැරදිව උච්චාරණය කරන ආකාරය පුහුණු වීමට ඔබට හැකි වේ.
⭐ Practice :- සියලුම කථන ඉංග්‍රීසි පාඩම් වල වැදගත්ම කොටස වන මෙම කොටසේදී කටහඬ හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද චැට්-බොට්ස් සමග සංවාද වල යෙදීමෙන් ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට පුහුණු වීමේ හැකියාව ලැබේ.
✔️ Vocabulary
ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමේදී නිතර භාවිතා වන වචන 3000කට අදික ප්‍රමාණයක් ඇතුළත් කරන ලද පාඩම් මාලා 30ක් මෙම කොටසෙහි අන්තර්ගත වේ. මෙම පාඩම් සියල්ලක්ද Study - Listen - Practice ලෙස කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.
⭐ Study :- මෙම කොටසින් ඉංග්‍රීසි වචන, එහි සිංහල තේරුම සහ උච්චාරණය කරන ආකාරය කියවා අධ්‍යනය කිරීමට ඔබට හැකි වේ.
⭐ Listen :- මෙම කොටසින් ඉංග්‍රීසි වචන නිවැරදිව උච්චාරණය කරන ආකාරය පිළිබදව අවබෝධ කරගැනීම සදහා ශ්‍රවන පාඩම් වලට සවන් දීමට ඔබට හැකියාව ලැබේ.
⭐ Practice :- මෙම කොටස මගින් සිංහල භාෂාවෙන් දිස්වන වචනයට අදාළ ඉංග්‍රීසි වචනය සදහන් කිරීමෙන් ඔබට ඉංග්‍රීසි වචන මාලාවන් පහසුවෙන් පුහුණු වීමට හැකියාව ලැබේ.
✔️ Grammar
මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ වල සිට සංකීර්ණ ව්‍යාකරණ දක්වා ඉතා පහසුවෙන් අධ්‍යයනය කළ හැකි අයුරින් සැකසූ පාඩම් මාලාවන් 45ක් මෙම කොටසෙහි අන්තර්ගත වේ.
⭐ Level-I :- Subject + Verb + Object වචන අනුපිළිවෙල, එක වචන සහ බහු වචන, ඉංග්‍රීසි භාෂා කථනයේ මූලික කොටස් 8, A/An/The භාවිතය, WH Questions, යන මූලික ව්‍යාකරණ මෙම කොටසෙහි පාඩම් මාලා වල අන්තර්ගත වේ.
⭐ Level-II :- I / We / You / They / He / She / It යන pronouns වල භාවිතයන්, In / At / On යන prepositions වල භාවිතයන්, can-could / may-might / will-would / shall-should වල භාවිතයන්, ආදිය මෙම කොටසෙහි අන්තර්ගත පාඩම් මාලා වල ඇතුළත් වේ.
⭐ Level-III :- Present - Past - Future tenses 12ත්, Active සහ Passive Voice, Direct සහ Indirect Speech යනාදී ව්‍යාකරණ පාඩම් මාලා මෙම කොටසෙහි අන්තර්ගත වේ.
=========================================
TeachMe English is a Spoken English learning and practicing app in sinhala language.
This app is developed for sinhala people who wants to learn spoken english in sinhala, so any sinhales can easily learn spoken english, grammar and vocabulary using this spoken english app in sinhala.
TeachMe english app users can improve their English Speaking skills and become fluent in english language by engaging in conversations for few months with inbuilt chatbots created using voice recognition technology.
This sinhala spoken english app contains over 100 lessons covering spoken english, grammar and vocabulary, and also we publish some extra lessons every month.
So that even a person with no basic knowledge of spoken english can learn and practice spoken english by using this app for few months.
Developed by : INOTEC INNOVATIONS - Colombo, SRI LANKA.